Magic of Quantum Computing
Quantum computing යනු කුමක්ද?
ක්වොන්ටම් පරිගණනය යනු ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලධර්ම උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති, සාම්ප්‍රදායික පරිගණකයට වඩා ඉතා සංකීර්ණ වූ ගැටළු විසඳිය හැකි ඉක්මනින් දියුණු වන තාක්ෂණයකි.
Quantum Computers වලට ස්තුති වන්නට, වසර තිහකට පෙර විද්‍යාඥයින් විසින් සිහින මැවූ සැබෑ ක්වොන්ටම් දෘඩාංග වෙත දැන් දහස් ගණනක සංවර්ධකයින්ට ප්‍රවේශ විය හැක. සෑම මාස කිහිපයකට වරක්, ඉංජිනේරුවන් මෙම පද්ධතියෙහි සැලකිය යුතු දියුණුවක් උදෙසා කටයුතු කරන අතර එයට අමතරව වඩා ශක්තිමත් සුපිරි සන්නායක ක්වොන්ටම් ප්‍රොසෙසර නිෂ්පාදනය කරයි.
මෙම කාර්යයේ පරමාර්ථය වන්නේ නව ලෝකයට අවශ්‍ය වේගයෙන් හා බලයෙන් ක්වොන්ටම් පරිගණකය බල ගැන්වීමයි.
වසර 50 කට වැඩි කාලයක් භාවිතා කර ඇති සම්ප්‍රදායික පරිගණක හා සසඳන විට, මෙම උපාංග සැලකිය යුතු ලෙස වෙනස් වේ.
Quantum computers ක්‍රියා කරන්නේ කෙසේද?
- Classical Computers
- භෞතික තත්වයක වෙනස් පිහිටීම භාවිතා කරයි.
-
බිට් (Bit) යනු 1 හෝ 0 වන තනි තත්ත්වයකි.
-
Quantum Computers
- ක්වොන්ටම් තත්ත්වය භාවිතා කරයි.
- Qubits (ක්විබිට්) යොදාගනී.
- Superposition (උපරි පිහිටීම) සහ Entanglement (සම්බන්ධතාවය) මත පදනම් වේ.
Classical Computer එකකට ගණනය කිරීමට ඉතා දිගු කාලයක් ගත වන ගැටළු නිරාකරණය කිරීම සඳහා Quantum Computers විශේෂිත ඇල්ගොරිතම (Algorithms) යොදා ගනියි.
මෙම ඇල්ගොරිතම:
- රසායනික ප්‍රතික්‍රියා වල බහු-අංශු අන්තර්ක්‍රියා පුරෝකථනය කිරීම
- ආරක්ෂක කේත බිඳ දැමීම
- සංකීර්ණ ගණිතමය ගැටළු විසඳීම
Quantum computers වේගවත් වන්නේ ඇයි?
සාම්ප්‍රදායික පරිගණකයක් අණු විශාල දත්ත සමුදායක් හරහා සෙවීම වැනි සංකීර්ණ කාර්යයන් සඳහා හොඳ විය හැකිය.
කෙසේ වෙතත්, අණුක හැසිරීම් ආදර්ශණය කිරීම වැනි වැඩි අභියෝගාත්මක ගැටළු සම්ප්‍රදායික පරිගණකවලට අපහසු වේ.
සම්ප්‍රදායික ක්‍රියාවලිය:
- අණුක හැසිරීම් පරීක්ෂා කිරීමට සැබෑ ලෝකයේ අත්හදා බැලීම් අවශ්‍ය වේ.
- නව අනුවාදයන් නිර්මාණය කර නැවත නැවත අත්හදා බැලීම.
- කාලය හා වියදම වැඩි වීම.
Quantum Computing ප්‍රවේශය:
- Quantum algorithms මගින් බහුමාන පරිගණන අවකාශයන් ගොඩනගයි.
- සංකීර්ණ ගැටළු සඳහා වැඩි ඵලදායී විසඳුම් සපයයි.
- රසායනික සමාකරණ, මූල්‍ය, නාවික හා ඉංජිනේරු ක්ෂේත්‍රවල නව අවස්ථා ලබා දෙයි.
Quantum computers අවශ්‍ය වන්නේ ඇයි?
විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් සුපිරි පරිගණක භාවිතා කර අභියෝගාත්මක ගැටළු විසඳති.
- Classical CPUs සහ GPUs දහස් ගණනක් භාවිතා කළත්,
- ඔවුන්ට සංකීර්ණ ගැටළු විසඳීමේදී සීමා ඇත.
සංකීර්ණ ගැටළු (Complex Problems):
- විවිධ විචල්‍යයන් අන්තර්ක්‍රියා කරන ගැටළු.
- අණුක හා පරමාණුක හැසිරීම් ආදර්ශණය කිරීම.
- මූල්‍ය ගනුදෙනු වලදී වංචා රටා හඳුනා ගැනීම.
- නව භෞතික විද්‍යාව සොයා ගැනීම.
Classical Computers විසින් නොහැකි ගැටළු විසඳීමට ඇති විකල්පය වන්නේ Quantum Computing ය.
නිගමනය
- Quantum භෞතිකය සැබෑ ලෝකයේ පදනමයි.
- Quantum Computing මගින් අපට අසීරු ගැටළු ජයගත හැක.
- ලොව අනාගතය Quantum බලයෙන් පෝෂිත වනු ඇත.
ලොවෙහි අනාගතය අප සිතනවාටත් වඩා පුදුමාකාරය!