2025-09-15 12:03 • ~2 min read

How to use AI agent like chatgpt in local pc in offline

Thumbnail for How to use AI agent like chatgpt in local pc in offline

ChatGPT වගේ AI කෙනෙක් ඔයාගේ PC එකේ OFLINE Use කරමු (100% Free )

ඔබේ පරිගණකයේම Llama 3.1 වැනි ප්‍රබල AI model (LLM) භාවිතා කරන්නේ කොහොමද කියලා සිංහලෙන් සරලව තේරුම් ගනිමු. මේකට Ollama කියන Software තමයි ප්‍රධාන වශයෙන්ම උදව් වෙන්නේ.

​✅Llama 3.1 කියන්නේ මොකක්ද?
     Meta සමාගම විසින් නිර්මාණය කරපු, ඉතා දියුණු සහ Large Language Model එකක් . මේක අපිට නොමිලේම භාවිතා කරන්න පුළුවන්.
​✅ඇයි අපි Ollama භාවිතා කරන්නේ?
     Ollama කියන්නේ ඔබේ පරිගණකය තුළම LLM එකක් පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන් tool එකක්. සාමාන්‍යයෙන් මේ වගේ විශාල Models run කරන්න                   විශේෂිත තාක්ෂණික දැනුමක් ඕන වෙනවා.  නමුත් Ollama නිසා, Terminal එකේ එක command එකක් ගහලා ඉතා පහසුවෙන් Model එකක් download කරලා run               කරන්න පුළුවන්.
✅​Ollama වල තියෙන විශේෂ දෙයක්: Session Memory
     Ollama වලදී Session Memory කියන එක ස්වභාවිකවම සිදුවෙනවා. ඔබ LLM එකක් එක්ක කතා කරනකොට, ඒක ඒ සංවාදයේ කලින් කියපු දේවල් මතක තියාගෙන,         ඊලඟ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න උදව් වෙනවා. මේක නිසා, ChatGPT වගේම අඛණ්ඩ සංවාදයක් පවත්වාගෙන යන්න පුළුවන්.
✅​Llama 3.1 භාවිතා කිරීමට අවශ්‍ය අවම පද්ධති අවශ්‍යතා (Minimum System Requirements)
​     🛑 Llama 3.1 වගේ විශාල AI Model එකක් ඔබේ පරිගණකයේ දුවන්න නම්, ඒකට හොඳ RAM (Memory) සහ CPU එකක් අවශ්‍ය වෙනවා.(GPU එකක් තියෙනවනම්                     වඩාත් හොදයි .)
​     🛑RAM: අවම වශයෙන් 16GB RAM එකක් තිබීම වඩාත් හොඳයි. (8GB තිබුනත් සමහර පොඩි models run කරන්න පුළුවන්. නමුත් Llama 3.1 වගේ models වලට 16GB                 වඩාත් සුදුසුයි.)
​     🛑CPU: cores 8ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබෙන CPU එකක් තිබෙනවා නම් වඩාත් හොඳයි.
​     🛑Storage (Hard Disk): ඔබට Llama 3.1 8B Model එකට පමණක් අවම වශයෙන් 6GB පමණ storage space එකක් අවශ්‍ය වෙනවා. (මෙය Model එකේ ප්‍රමාණය අනුව                   වෙනස්   වෙනවා)
✅​පියවරෙන් පියවර Llama 3.1 ඔබේ පරිගණකයේ සකස් කරගන්නා ආකාරය
​     🛑පියවර 1: Ollama Download කරගමු.​මුලින්ම Ollama Official Website එකට යන්න. (https://ollama.com). එහිදී, ඔබේ පරිගණකයේ Operating System එක (Windows,                  MacOS, Linux) තෝරාගෙන Ollama download කරගන්න. Download කළ පසු, එය Install කරන්න.
​     🛑පියවර 2: Llama 3.1 Model එක Download කරමු
​          දැන් ඔබේ පරිගණකයේ Terminal (Windows නම් PowerShell හෝ Command Prompt) එක open කරගන්න.පහත command එක type කර Enter කරන්න.
          "ollama pull llama3.1"

           දැන් Ollama විසින් Llama 3.1 Model එක අන්තර්ජාලයෙන් download කිරීම ආරම්භ කරයි. මෙම ක්‍රියාවලිය ඔබේ Internet වේගය අනුව ටික වෙලාවක් ගත වෙන්න               පුළුවන්.​සාමාන්‍යයෙන් Llama 3.1 (8B) model එකේ විශාලත්වය 4.7GB පමණ වෙනවා.

     🛑පියවර 3: Llama 3.1 සමඟ කතා කරන්න පටන් ගමු!.Model එක download කරලා ඉවර වුණාට පස්සේ, ollama software එක open කරන්න.ඊටපස්සේ එකේ models                 list  එකෙන් අපි download කරපු AI model එක select කර(LLama 3.1) chat කිරීම ආරම්භ කරන්න .

Share: WhatsApp Telegram Facebook X / Twitter LinkedIn
Enjoyed this? Get notified when we publish next.